ජපානයේ Ichikawa City Zoo හි ජීවත් වන Punch-kun නම් කුඩා මැකේක් (Macaque) වඳුරු පැටවා මේ වන විට මුළු ලෝකයේම අවධානය දිනාගෙන තිබෙනවා. ඒ ඇයි කියලා ඔබ දන්නවා?
💔 වයිරල් වූ කඳුළු කතාව
සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වූ වීඩියෝවක දැක්වෙන්නේ මේ පුංචි පැටවා තමන්ගේ රංචුවෙන් කොන් වී, අනෙක් වඳුරන්ගේ හිරිහැරවලට ලක්වෙමින්, සෙල්ලම් බෝනික්කෙකු බදාගෙන තනිවම හඬන අයුරුයි. මෙය දුටු දහස් ගණන් පිරිස ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට පටන් ගත්තා.
💰 ඇන්ඩෘ ටේට්ගෙන් සහ ට්‍රිස්ටන් ටේට්ගෙන් අති දැවැන්ත ලංසුවක්!
මෙම සිදුවීම කෙතරම් දුරදිග ගියාද යත්, සුප්‍රසිද්ධ මෙන්ම මතභේදාත්මක චරිතයක් වන Tristan Tate සිය X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ:
"මේ වඳුරා අයිති මොන සත්වෝද්‍යානයටද? මම සහ ඇන්ඩෘ ටේට් මූව මිලදී ගන්නවා. ඩොලර් 250,000ක් (රුපියල් කෝටි 7.5කට වඩා වැඩි මුදලක්) දෙන්න අපි ලෑස්තියි. මම විහිළුවක් කරන්නේ නැහැ!"
🔬 සත්ව විද්‍යාඥයන් පවසන්නේ කුමක්ද?
අපට මෙය "හිරිහැරයක්" ලෙස පෙනුනද, සත්ව විද්‍යාඥයන් පවසන්නේ ජපන් මැකේක් වඳුරන් අතර මෙවැනි දැඩි සමාජ පන්ති ක්‍රමයක් පවතින බවයි. තරුණ පිරිමි සතුන්ට තම බලය තහවුරු කර ගැනීමට පෙර මෙවැනි අභියෝගවලට මුහුණ දීමට සිදුවන බවත්, එය ස්වභාවධර්මයේ හැටි බවත් ඔවුන් පෙන්වා දෙනවා.
අපේ ඇසට පෙනෙන හැමදේම ඇත්තද? 🤔
මෙය සැබෑ අනුකම්පාවක්ද? නැතිනම් ප්‍රසිද්ධිය තකා කළ ප්‍රකාශයක්ද? සතෙකුගේ ස්වභාවික හැසිරීම් මත පදනම්ව මිනිසුන් මෙලෙස මැදිහත් වීම නිවැරදිද?
Tags
For You
